(ලහිරු හර්ෂණ)
මාල දිවයිනේ ජනාධිපති ඊබ්‍රහම් මොහොමඩ් සෝලී මහතා අද (03) ශ්‍රී ලංකාවට පැමිණියේය.
71 වැනි ජාතික නිදහස් දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට නියමිත මාලදිවයිනේ ජනාධිපතිවරයා අද 11.20 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියේය.
එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරු කිහිපදෙනෙක් මාලදිවයින් ජනාධිපතිවරයා ඉතා ගෞරවාන්විතව පිළිගත්හ.