මැතිසබය විසුරුවා හැරීමට විරෝධය පල කරමින් දේව කන්නලව්වක්


හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු     
ව්‍යාවස්ථා විරෝධිව මැතිසබය විසුරුවා හැරීමට විරෝධය පල කරමින් එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයැවීමෙන් හලාවත මුන්නේශ්වරම පුද බිමේදි  අද ( 10 දා ) දහවල් දේව කන්නලවක් පැවැතිවිණි.


එක්සත් ජාතික පක්ෂයේ හිටපු මැති ඇමතිවරුන් පිරිසක් රංජිත් මද්දුමබණ්ඩාර හා දයා ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිය පාක්ෂකයින් පිරිසක් ද සමග එම දේව කන්නලව්වට එක් වුහ. ප්‍රථමයෙන්  ඔවුහු මුන්නේශ්වරම පුද බිමේ පිහිටි ගණදෙවි කෝවිලටත් අනතුරුව ඊශ්වර මහා දේවාලය හා ශ්‍රී භද්‍රකාලි අම්මන් කෝවිලටත් ගොස්  පුද පූජාවක් පවත්වා ව්‍යවස්ථාව ආරක්ෂා කරණ ලෙසින් ඉල්ලා පොල් ගැසුහ.


මේ පිරිස අතර සමහරු ව්‍යවස්ථාව රැක දෙන ලෙසට ඉල්ලා පුවරු ඔසවා ගෙන සිටිනු ද දැක ගත හැකි විය.


මෙම දේව කන්නලව්වට හිටපු මැතිඇමතිවරුන් වන නලින් බණ්ඩාර දිලිප වෙද ආරච්චි පාලිත රංගේ බන්ඩාර පාලිත තෙවරප්පෙරුම හෙක්ටර් අප්පුහාමි  සහ ශාන්ත සිසිර කුමාර අබේසේකර යන මහත්වරු එක්ව සිටියහ .