මීතොටමුල්ලේ නිවාස අහිමි වූවන් 30 කට නිවාස


මීතොටමුල්ල කසළ කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූවන්ට නිවාස පිරිනැමීමේ වැඩසටහනේ මුල් අදියර යටතේ පූර්ණ හානියට පත් නිවාස 30 ක පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවාස ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (21) සිදුකෙරිණි.

මෙම ව්‍යසනයෙන් නිවාස අහිමි වූ පවුල් 98 සඳහාම නිවාස ලබාදීමට රජය මේ වන විට කටයුතු සූදානම් කර තිබෙන අතර, එහි මුල් අදියර යටතේ නිවාස ලබා ගැනීමට කැමැත්ත පළ කළ පවුල් 30 ක් වෙනුවෙන් අද නිවාස පිරිනැමිණ. 
මෙම නිවාස වෙනුවෙන් රජය වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 3920 කි. එසේම එම නිවාස හිමියන්ට ගෘහ භාණ්ඩ මිලදී ගැනීම සඳහා එක් නිවාස ලාභියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක්ද ප්‍රදානය කෙරේ. 
අහිමි වූ නිවාසවල තක්සේරු කටයුතු සිදු කිරීමෙන් අනතුරුව වැඩි වටිනාකමක් පවතින්නේනම් නිවාසවලට අමතරව එම පවුල් වෙත මුදල් ලබාදීමට ද රජය ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතය. අදාළ නිවාසලාභීන් වෙත නිවාස ඔප්පු ආපදා කළමණාකරන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප‍්‍රදානය කරන ලදි.