මුන්නේශ්වරම් ගිනි පෑගීම අද


(ඔගස්ටින් ප්‍රනාන්දු)

මුන්නේශ්වරම ශ්‍රී ඊශ්වර මහා දේවාලයේ නිකිණි මහෝත්සවය වෙනුවෙන් සංවිධානය කර තිබූ ගිනි පෑගීමේ පූජාව අද ( 08 ) පස්වරු 6.30 ට පමණ දේවාලය අභියසදී ඇරඹිණි.

මෙහිදී දහසකට ආසන්න බැතිමත්හු පිරිසක් ගිනි පෑගීමට සහභාගි වූහ.

මෙම ගිනි පෑගීමට එක්වීම සඳහා උඩප්පුව ප්‍රදේශයේ හින්දු බැතිමත්හු 300 ක පමණ සංඛ්‍යාවක් ආගමික චාරිත්‍ර ඉටු කරමින් සැතපුම් 20 ක පමණ දුරක් පා ගමණකින් යුතුව මෙහි පැමිණ සිටියහ.