මොරගහකන්දේ වැඩ සියයට 98ක් අවසන්


(ඉන්දික අරුණ කුමාර)

රුපියල් කෝටි 18100ක වියදමින් ඉදිකෙරෙන මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතියේ විදුලි ජනක පද්ධතියේ වැඩ අවසන් වෙයි.

ජාතික විදුලිබල පද්ධතියට ඝෘජුව මෙගා වොට් 25 ක් එක්වන මෙම බලාගාරයේ විදුලිය නිපදවීමත් සමග වාර්ෂිකව ඉතිරිවන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336 කි.

කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක‍්‍රමය යටතේ මෙරට ඉදිවන අවසන් මහා වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ මේ වන විට 98%කට වඩා වැඩි ප‍්‍රමාණයක වැඩ අවසන් බව ව්‍යාපාති අධ්‍යක්ෂ ආර් බී තෙන්නකෝන් මහතා පවසයි.