යල කන්නයට පරාක්‍රම සමුද්‍රයේ දියවර නිකුත් කෙරේ


 ( ක.ග කරුණාරත්න)
ඉදිරි යල කන්නය සඳහා පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ  ජලය නිකුත් කිරීම අද (25) පෙරවරුවේදී  සිදු කෙරුණි. 

වාරි මාර්ග දෙපාර්තමේන්තුව, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, තමන්කඩුව ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතනවල මෙහෙයැවීම මත පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානය මඟින් සංවිධානය කරනු ලැබූ අගමික උත්සවයකින් අනතුරුව පරාක්‍රම සමුද්‍රයේ ප්‍රධාන සොරොව්වෙන්  ජලය නිකුත් කෙරිණි.