යාල කැළේ නිදහස විඳින කොටි


බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක
 
යාල අභය භූමියට යන කාටත් මේ දිනවල කොටි (පැන්තරා පාදුස්) සැරිසරන අයුරු දැක ගත හැකිය.

ශ්‍රී ලංකාවේ කොටි (පැන්තරා පාදුස්) ගහණය 2000-2500 ක්  පමණ බව සඳහන්වේ. ඉන් යාල වනෝද්‍යානයේ කොටි 25 ත් 40 ත් අතර ප්‍රමාණයක්  සිටින බව කියති.   පහසුවෙන් කොටි (පැන්තරා පාදුස්)  දැකගත  හැකි අභය භුමි  ලෙස  විල්පත්තුව සහ යාල අභය භුමිය ප්‍රකටය. බොහෝ සංචාරකයෝ මේ හේතුවෙන් යාල අභයභුමිය නැරඹීමට වැඩි වශයෙන් පැමිණෙති. 
 
ඡායාරූපයන්ගෙන් දැක්වෙන්නේ   යාල අභය භූමියෙහි  සිටින දැවැන්ත කොටියෙකු (පැන්තරා පාදුස්)    ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ස්වභාවික අධ්‍යනාංශයේ ආචාර්ය ඉනෝකා ප්‍රියදර්ශනී කුඩාවිදානගේ මෙනවියගේ කැමරා කාචයේ සටහන්ව තිබූ අයුරුය.