යුද හමුදාවත් ගම්මුත් එක්ව උලියන්කුලම වැව් බැම්ම බේරාගනිති


(රොමේෂ් මධුෂංඛ)
 
කිලිනොච්චි දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් හදීසියේම ගිලා බැසීමකට ලක් වූ  කිලිනොච්චිය උයිලන්කුලම් වැව් බැම්ම යුද හමුදාවේ මැදිහත්වී මත වැව කැඩී යාමෙන් බේරා ගැනීමට හැකිව ඇත.


පසුගිය  දින කිහිපය පුරාවට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අයිලන්කුලම් වැව් බැම්ම එක්වරම ගිලා බැස ඇති අතර ගොවීහු  65 වන සේනාංකයේ යුද හමුදා නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව  මේ සඳහා  යුද හමුදාව මැදිහත් වී තිබේ.


කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් නිශ්ශංක රණවන මහතා වෙත දැනුම් දීමෙන් පසුව එම අවස්ථාවේදීම කිලිනොච්චි ආඥාපති තුමන්ගේ උපදෙස් පරිදි 65 වන සේනාංකයේ සේනංකාධිපතිතුමන්ගේ මෙහෙයවීමෙන් යුද හමුදා නිලධාරීන් 100 කට ආසන්න පිරිසක් හා ප්‍රදේශවාසීන්ගේද සහය මත ට්‍රැක්ටර් යොදා පස් කපමින් පස් උර යොදා ගිලා බැසීමකට ලක් වූ වැව් බැම්ම සහිත ස්ථානයට ඉදිරියෙන් තවත් බැම්මක් ඉදිකිරීමට  පියවර ගෙන ඇත.