රටම කැළඹූ තෙල් හිඟය


( ඩයනා උදයංගනී සහ යොහාන් භාසුර)

මේ දිනවල පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන නොමැතිව වසා තිබූ අතර විවෘතව තිබූ ඉන්ධන පිරිවුම්හල් අසල ද ඉන්ධන ලබා ගැනීමට දිගු පෝලිම් දක්නට ලැබිණි.  

බොහෝ ඉන්ධන අලෙවිසැල්වල ‘ඩීසල් නැත’ යනුවෙන් පුවරු ප්‍රදර්ශනය කර තිබූ අතර, ඇතැම් ඒවායේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ද නොතිබිණි.

මීට අමතරව බොහෝ ඉන්ධන පිරවුම්හල්වල භූමිතෙල් ද නොතිබිණි.

මේ හේතුවෙන් ඩීසල් වාහන හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව සිටි අතර ඇතැමුන්ට ඉන්ධන පිරවුම්හල් ගණනාවකට ගියත් ඉන්ධන ලබාගැනීමට නොහැකිව හිස්අතින්ම ආපසු යන්නට සිදුවූ අවස්ථා ද වාර්තා වේ.

ඇතැමුන්ට පැය ගණනක් තිස්සේ ඉන්ධන පෝලිම්වල රැඳී සිටින්නට සිදුව තිබිණි.

ඒ හේතුවෙන් බොහෝ දෙනෙකුගේ දෛනික කටයුතු සඳහා බාධා එල්ල වූ අතර ඇතැම් වාහන ඉන්ධන නොමැතිව අතරමග නැවතුණු බවට ද වාර්තා විය.

ඇතැම් වාහන හිමියන් වාහන මග නැවතීම හේතුවෙන් ඉන්ධන රැගෙනයාමට භාජන ද රැගෙන ඉන්ධනහල් අසල පෝලිම්වල රැඳී සිටිනු ද දක්නට ලැබිණි. 

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

නුගේගොඩ නගරය

තිඹිරිගස්යාය 


(ඡායාරූප: කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල නගරයේ