රැකියා විරහිත උපාධිධරයෝ උද්ඝෝෂණයක



 
ශාන්ත රත්නායක


රැකියා විරහිත උපාධිධාරීන් 57000 කට රැකියා ලබාදෙන ලෙස රජයට බලකරමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය සංවිධනය කළ උද්ඝෝෂණයක් අද (24) කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්විණි.

රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගැනීමේදී සිදුවෙමින් තිබෙන කප්පාදුව නවතා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයට අයදුම්පත් යොමු කර ඇති මුලික සුදුසුකම් සපුරා ඇති සියලු උපාධිධාරීන් බඳවා ගන්නා ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.