වරධරාජා - මහින්ද අතර හමුවක්


දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ ජාතික සංවිධායක උතුරු නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය වරධරාජා පෙරුමාල් මහතා සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් අද (16) පැවැත්විණි.

මෙම අවස්ථාවට දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ උතරු හා නැගෙනහිර පළාත්වල පාළාත් පාලන ආයතනවල නියෝජිතයින් ඇතුළු පක්‍ෂ ක්‍රියාකාරීන් පිරිසක් එක්වූහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරවීමසඳහා තම පක්‍ෂයේ සියලුදෙනා එක්වී කටයුතු කරන බව වරධරාජා පෙරුමාල් මහතා එහිදී පැවසීය.

(ඡායාරූප - ශාන්ත රත්නායක)