වර්ජනයෙන් බස්නාහිර රෝහල් අඩපණයි


(යොහාන් භාසුර)

සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ වැටුප් විෂමතා ගැටලුව මුල්කරගනිමින් බස්නාහිර පළාතේ සියලුම රෝහල්වල අද (26) පෙරවරු 7.00  සිට හෙට (27) පෙරවරු 7.00 දක්වා වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.

බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කරන මෙම වැඩවර්ජනය වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් පළාත් මට්ටමින් කරන අවසන් වර්ජනය බව  කී රවී කුමුදේශ් මහතා ගැටළුවට විසඳුමක් නොලැබුණහොත් පෙබරවාරී මුල් සතියේ සිට අඛණ්ඩ අරගලයක් දියත් කරන බව ද සඳහන් කළේය.

කොළඹ ජාතික රෝහලේ සියලු සායනික කටයුතු පැවැත්වෙන අතර සියලු පරීක්ෂණ කටයුතු සහ බෙහෙත් නිකුත් කිරීම් නොකරන බව රෝහල් කාර්ය මණ්ඩල සේවකයකු පැවසීය.

(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)

(ඡායාරූප: යොහාන් භාසුර)