වැලිකන්දේ වැව් වාන් දමයි



(ඩබ් ඒ පියතිලක)

පොළොන්නරුව ප්‍රදේශයට  ඇද හැලෙන අධික වැසි සමඟ  පොලොන්නරුව වැලිකන්දේ වැව් කිහිපයක් වාන් දැමීමට පටන්ගෙන ඇතැයි මහවැලි බී කලාපයේ නේවාසික කළමනාකරු තුෂාර දන්තනාරායන මහතා සඳහන් කළේය.

දිඹුලාගල සහ වැලිකන්ද ප්‍රාදේශිය ලෙකම් කොට්ඨාස වල වැව් 74 ක් ඇති බවත්  ඒවායින් කිහපක් මේ වන විට වාන්දමන බවත් ඔහු පිවසීය.

මේ අතර ඇතැම් පිරිස්  මෙහි නියගයක් ඇති බව බවසමින්  විදෙස් අයතනවලින් මුදල් ඉපයීමේ කූට ව්‍යාපරයකද නිරත වන බව සඳහන් කළ නේවාසික කළමනාකාරවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේ ජනතාවගේ දෛනික කටයුතු සඳහා ප්‍රමාණවත් පරිදි ජලය ඇති බවයි.

එමෙන්ම වැව්වල පවතින ආක්‍රමණශිලී ශාකවර්ග ඉවත් කිරීමේ  විශේෂ ව්‍යාපෘතියක්ද මේ වන අරඹා ඇතැයි හෙතෙම සඳහන් කළේය