වැස්ස නැතිව සත්තු රැසක් මරු දකිති


හිරාන් ප්‍රියංකර ජයසිංහ

මේ දිනවල ප්‍රදේශ කිහිපයකට බලපා ඇති දරුණු නියඟයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව මෙන්ම වන සත්තුද   පිඩාවන්ට පත්ව සිටිති.

තබ්බෝව අභය භුමිය ආශ්‍රිතව ඇති මී ගස් වැව  තුළ හා ඒ ආසන්නයේ ජලය නොමැතිව පිපාසිතව සැරිසරමින් සිටි රිලවුන් , තාරකා ඉබ්බන්, කිරි ඉබ්බන් ,  කුරුල්ලන් ,හා මුවන් හා ගොනුන් රැසක් මරණයට පත්ව ඇති බව ප්‍රදේශවාසීහු පවසති.