වැස්සෙන් යාපනයේ වැසියන්ට පීඩා


(රොමේෂ් මධුෂංඛ)

මේ දිනවල උතුරු පළාතට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 2518ක 9141 දෙනකු විපතට පත්ව ඇතැයි යාපන දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතා පවසයි.

වර්ෂාව හේතුවෙන් යාපනයේ නිවාස 4 කට පූර්ණ හානි සිදුව ඇති බවත් නිවාස 159කට අර්ධ හානි සිදුව ඇති බවත් ඒ මහතා කියයි.

හානි වී ඇති නිවාස සියල්ලක්ම පාහේ යුද්ධයෙන් පසුව නැවත පදිංචියට පැමිණ තාවකාලිකව ඉදිකරගත් නිවාස බවටත් විපතට පත්ව සිටින වැසියන් වෙනුවෙන් මේ වන විටත් යාපන දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා අපදා කළමනාකරණ කාර්යාල හරහා අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු යොදා ඇති බවත් ඒ මහතා කීය.