විදුහල්පති-ගුරු වර්ජනයෙන් අධ්‍යයන කටයුතු අඩාලයි


ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ  වැඩ වර්ජනය හේතුවෙන්  දිවයින පුරා පාසල්හි  අද (26)  අධ්‍යාපන කටයුතු අඩාල වී තිබේ.
 
ඇතැම් පාසල්වල දරුවන්  උදෑසන පාසලට පැමිණ සිටි අතර ගුරුවරු නොමැති වීම හේතුවෙන් මව්පියන් මැදිහත්වීමෙන් දරුවන් නැවත නිවෙස් වෙත කැඳවාගෙන ගොස් තිබේ.
 
වැටුප් විෂමතා ඉවත්කිරීම, රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාව ඉවත්කිරීම, ගුරුවරුන් මත පටවා ඇති අනවශ්‍ය අමතර රාජකාරී ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්  විදුහල්පතිවරුන් හා  ගුරුවරුන් වර්ජනයේ නියැලෙති.

(කාංචන කුමාර ආරියදාස, හිරාන් ප්‍රියංකර, රංජිත් රාජපක්ෂ, සුමතිපාල දියගහගේ, තිලකරත්න දිසානායක, ලලිත් නවරත්න, එච් චන්දන,ප්‍රසාද් රුක්මල්,දිනේෂ්  උපේන්ද්‍ර , දයාරත්න ඇඹෝගම, සනත් ගමගේ, රොමේෂ් මධුෂංක සහ ප්‍රියානි මංගලිකා, වසන්ත චන්ද්‍රපාල)

(ඡයාරූප - කාංචන කුමාර )

(ඡායාරූප  එච් චන්දන) 

(ඡායාරූප -ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)

(ඡායාරූප - හිරාන් ප්‍රියංකර)

(ඡායාරූප - ප්‍රසාද් රුක්මල්)

( ඡායාරූපය - දිනේෂ් උපේන්ද්‍ර)

(දයාරත්න ඇඹෝගම )

(ඡායාරූප - ඩබ්ලිව් ඒ පියතිලක) 

(සනත් ගමගේ )

(රොමේෂ් මධුෂංක)

(ප්‍රියානි මංගලිකා)

(වසන්ත චන්ද්‍රපාල)