විවෘත චිත්‍ර ශිල්පීන්ට ස්ථිර ප්‍රදර්ශන කුටි


විහාර මහා දේවී උද්‍යානය පිටුපස චිත්‍ර ප්‍රදර්ශනය කරන කලාකරුවන් වෙනුවන් ස්ථිර ප්‍රදර්ශන කුටි ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතාගේ සහභාගීත්වයෙන් සිදු විය.  

Colombo Street Art Society නම් කලා කරුවන්ගේ සාමාජිකයන් ඔවුන් විසින් අඳින ලද ජනපතිගේ සහ ඇමැති මුස්තාපාගේ රැව සහිත සිතුවම් දෙකක් ජනපතිට සහ ඇමැතිවරයාට පිරිනැමිණි.

ඊට අමතරව සංචාරක අමාත්‍යංශය විසින් මෙම කලාකරුවන්ගේ තොරතුරු ඇතුළත් පොතක් ද එළිදැක්වීය.