සයිටම් විරෝධීහු සංකේත උපවාස අරඹති


(අමල් වික්‍රමරත්න, මොහොමඩ් ආසික්)

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සයිටම් විරෝධී ජන පවුර අද(1) දිස්ත්‍රික් කිහිපයක සංකේත  සත්‍යග්‍රහ පැවැත්වීය.

සයිටම් විරෝධී ගාලු දිස්ත්‍රික් ජන පවුර අද(1) සංකේත  සත්‍යග්‍රහයක් ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිටදී  ආරම්භ කළේය.

වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමාපිය සංගමය විසින් ලබන 6වැනිදා පැවැත්විමට නියමිත උපවාසයට සමගාමීව මෙම සත්‍යග්‍රහය අද දිනය පුරා ක්‍රියාත්මක කෙරිණි. 

සයිටම් විරෝධී ජන පවුර අද මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා  උද්‍යානය ඉදිරිපිටදී ද සංකේත උපවාසයක්  පවත්වනු ලැබීය.

ඡායාරූපය - මොහොමඩ් ආසික්

ඡායාරූපය - අමල් වික්‍රමරත්න