සිංහ පැටව් සහ පැටික්කියෝ කොළඹට ළඟා වෙති


ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් ශූරතාව සහ 12 වැනි ආසියානු දැල්පන්දු ශූරතාව දිනූ  ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක විශේෂ රථ පෙළපාලියකින් කටුනායක සිට කොළඹ ගමන් ආරම්භ කළහ.

අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපෙළට ආ කණ්ඩායම් දෙකේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ  ඉතා උණුසුම් අයුරුන් ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් විසින් පිළිගනු ලබූහ.

ක්‍රිඩක ක්‍රීඩිකාවන් රැගත් රථ පෙළපාලිය කටුනායකින් ආරම්භ වී කොළඹ - මීගමුව මාර්ගයෙන් පෑලියගොඩ හන්දිය,මරදාන හන්දිය,ඩාර්ලි පාර, යූනියන් පෙදෙස, ඇලෙක්සැන්ඩ්‍රා පාර ඔස්සේ නිදහස් මාවතට පැමිණෙයි. 

(ඡායාරූප: වී.ඒ. නිශ්ෂංක)