සියක්කාරයෝ නන්දිකඩාල්හි චමත්කාර මවති


 

(රොමේෂ් මධුෂංඛ)

අවසන් යුද සටන් පැවති මුලතිව් නන්දිකඩාල් කලපුව මේ දින වල දෙස් විදෙස් සංචාරක පක්ෂීන්ගෙන් පිරී පවතී.

දිවයිනේ සෙසු පළාත්හි අධික පෑවිල්ලක් පැවතීමත් සමඟ නන්දිකඩාල් කලපුවට විවිධ වර්ගයේ පක්ෂින් පැමිනෙන බවට මුලතිව් ධීවරයෝ පවසා සිටිති.

මෙසේ පැමිණෙන සංචාරක පක්ෂීන් හේතුවෙන් නන්දිකඩාල් කලපුව සැඳෑ කාලයට ඉතා අලංකාර බවත්, එම සංචාරක පක්ෂීන් අතර සියක්කාරයා (ෆ්ලෙමින්ගෝ) නැමති පක්ෂීන් විශාල ප්‍රමාණයක් මේ දින වල පැමිණෙන බවත් කියති.