සීතලෙන් බේරෙන්න වෙහෙසෙන රිලා රංචුවක්


(ඡායාරූප සෙනරත් බණ්ඩාර)            

මේ දිනවල පවතින අධික වර්ෂාව සහ මීදුම නිසා සීතලෙන් බේරීමට රිලා රංචු වෙහෙසෙති.  තම  සිරුරේ උෂ්ණත්වය රඳවා ගැනීමට පැටවුන් ද තුරුළු කරගෙන රැහේ එකතුවෙන්   ගුලිගැසී හිරු රශ්මියක් ලැබෙන තුරු එකටම සිටින මේ රිලා රංචුව කැමරා කාචියට හසුවූයේ බදුලු ඔයේ දුන්හිඳ ඇල්ලේදී ය.