සුනාමිය සිහිකර රටම නිහඬ වේ


සුනාමි ඛේදවාචකයෙන් මියගිය පිරිස සිහිපත් කරමින් අද (26) පෙරවරු 9.25 සිට 9.27 දක්වා රටපුරා මොහොතක් නිශ්ශබ්දතාවයක් පැවැත්වුණි.

ලොවටම අඳුරු මතකයක් ඉතිරි කරමින්  රටවල් රැසක ලක්ෂ තුනකට අධික පිරිසක්  බිලිගත් බිලිගත්තේය. එම ව්‍යාසයනට අදට වසර 18කි.

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්න මුහුදු පත්ලේ 2004 වසරේ දෙසැම්බර් මස 26 වැනි දා  ඇති වූ ප්‍රබල වූ භූ කම්පනයේ අවසන් ප්‍රතිඵලය  රටවල් රැසක ජීවිත ලක්ෂ ගණනක් බිලිගත්තේය.

සුමත්‍රා දූපත ආසන්නයේ මහ මුහුදේ උදෑසන 6.58 ට පමණ   හටගත් සුනාමි රළ  ඉන් පැය දෙකකට පමණ පසු ශ්‍රී ලංකාවට ළඟා වුයේ පැයට කිලෝමීටර් 800කට අධික වේගයෙනි.

ජීවිත 35,000කට අධික සංඛ්‍යාවක් මිනිත්තු කිහිපයක් තුළ   බිලිගනිමින්  කෝටි ගණනක දේපළද විනාශ කළේය.  

සුනාමියට මුහුණදුන්  දුම්රිය අනතුර සිහිපත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව  එම ස්ථානයේ විශේෂ සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණි. 

(ඡායාරූප: සුසිල් ප්‍රියන්ත)


(ඡායාරූප: හේමන්ත ද සිල්වා)


(ඡායාරූප: තිලකරත්න දිසානායක)