සුසැදි දේශයක් උදෙසා


(ගම්පහ තිලකරත්න දිසානායක)
 අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් සංවිධානය කළ  " සුසැදි දේශයක් උදෙසා ජනතා මෙහෙවර " යන මැයෙන්  අල්ලස සහ දුෂණය නිවාරණය පිණිස දිවයිනෙහි පළමු වරට සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (1) පෙරවරුවේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


මෙහිදී එම කොමිෂන් සභාවෙහි කොමසාරිස්වරුන් වන රංජිත් සිල්වා සහ නෙවිල් ගූරුගේ සහ ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය සේවකයින් යනු ජනතා සේවකයින් වන බැවින් කිසිවෙකුත් කිසිදු කාර්යයක් ඉටු කරගැනීම පිනිස අල්ලස් ලබාදීමක් නොකළ යුතු බවත්ය.


  අද වනවිට අල්ලස, දුෂණය දුරුකිරීම පිනිස දේශපාලන අනුමැතිය ලැබී තිබෙන බැවින් ඉතා සාර්ථකව නීතිය ක්‍රියාත්මක කෙරෙන බවත් අල්ලසින් දුෂණයෙන් තොර රටක් සදහා ජනතාවගේ සහාය ලබාදීම ඉතා අවශ්‍ය බවත් එසේම අල්ලස දුෂණය වෙනුවෙන් ජනතාව හඩ නැගිය යුතු බවත් පැවසීය.