සුළඟින් පන්නල නිවාස කිහිපයකට හානි


හේමලතා ඩී හේවගේ

පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මත්තේගම හා බලවල ග්‍රාම නිලධාරි කොට්ඨාසය හරහා අද (09) වර්ෂාවත් සමඟ හමාගිය සුළඟකින් නිවාස කිහිපයකට අලාභ හානි සිදුව ඇති බව පන්නල ප්‍රාදේශීය ලේකම් සමන්ත වික්‍රමරත්න බණ්ඩාර මහතා පවසයි.

සුළඟින් මත්තේගම ග්‍රාම නිලධාරි වසමේ  පලාගල ජනපදයේ නිවාස 03 කට ගස් කඩාවැටී අලාභ හානි සිදුව ඇති අතර විදුලි රැහැන් වලටද අලාභ හානි සිදුව තිබේ.බලවල ග්‍රාම නිලධාරි කොට්ඨාසයේද නිවාස කිහිපයකට අර්ධ හානි සිදුව ඇති බව වාර්තා වන අතර අලාභහානි සිදුවු පිරිස් වෙත කඩිනමින් සහන සැලසීමට කටයුතු කරන බව  පන්නල ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.