හපුතලේදී මෝටර් රියක් ගිනිගනී


(ඡායාරූප - හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර)

හපුතලේ පහළ විහාරගල ප්‍රදේශයේ අද (23) පස්වරුවේදී නිකපොත සිට බෙරගල දක්වා ධාවනය වෙමින් තිබුණු මෝටර් රථයක් හදිසියේ ගිනිගෙන මුළුමණින්ම විනාශ වී තිබේ.  

ප්‍රංශ ජාතික කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් මෙහි ගමන්කර තිබූ අතර, ගිනිගැනීමත් සමග රථයෙන් එළියට බැස දිවි බේරාගෙන ඇත.

හපුතලේ පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.