හසලක ගාමිණීගේ ගුණ සැමරේ


(ඩික්සන් වසන්ත)
 
හසලක ගාමිණී කුලරත්න රණවිරුවාගේ 27 වැනි ගුණසමරු උළෙල අද (13) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය සංචාරක සංවර්ධන අමාත්‍යංශ ශ්‍රවණගාරයේ දී පැවැත්විණි.


මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එවන ලද ගුණ සමරු පණිවුඩය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පණිවුඩය පාර්ලිමේන්තු  මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා, ගම්පහ දිසා ලේකම් සුනිල් ජයලත් මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.