හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැකගැනීමට එක්වෙති


( ශාන්ත රත්නායක)

වර්තමාන රජයට වසර 2ක් පිරෙන මොහොතේ දුන් පොරොන්දු ඉටුකරන ලෙස රජයට බල කරමින් හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගැනීමේ ජාතික ව්‍යපාරය සංවිධානය කළ සත්‍යග‍්‍රහයක් අද (15) කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ දී ආරම්භ කෙරිණි.

රජයේ ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, මංගල සමරවීර යන මහත්වරු ද, සමාජ සංවිධාන, දේශපාලන කණ්ඩායම් සහ කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් ද එක්ව සිටිති.

මේ හේතුවෙන් විහාර මහාදේවි උද්‍යානයේ බුදුපිළිමය ඉදිරිපස මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.