හිමිවරු බස් නැවතුම්පොළ පවිත්‍ර කරති


දයාරත්න ඇඹෝගම
 
නව වසරේ ආකල්පමය වෙනසකට මුල පුරමු යන තේමාවෙන් මහා සංඝරත්නය හා තරුණ ප්‍රජාව එක්ව අනුරාධපුර නගරයේ මහා වීදියේ අපවිත්‍ර වූ බස් නැවතුම්පළ සියල්ල අද පිරිසිදු කළහ.
 
මහවිලච්චිය , මන්නාරම් හංදිය සාලියවනාරාම විහාරාධිකාරී   ලෝලුවාගොඩ කුසලරතන හිමියන්ගේ උපදෙස්, මගපෙන්වීම හා සහභාගීත්වයෙන් මෙන්ම උන්වහන්සේගේ ගෝල හිමිවරුන්ගේ හා විලච්චිය මන්නාරම් හංදිය තරුණ ප්‍රජාවගේ දායකත්වයෙන් මෙම කාර්ය සිදු විය.