‘දකිමු - හෙට දකින රනිල්‘ සේයාරූ දැක්ම දෙවැනි දිනටත්


(ජයමාල් චන්ද්‍රසිරි)

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ 40 වසරක දේශපාලන ගමන් මග නිරූපනය කෙරෙන ‘දකිමු - හෙට දකින රනිල් 40 වසරක නොදැවුණු දේශපාලන ඉනිම‘ සේයාරූ දැක්මේ දෙවැනි දිනය අද(18) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතාගේ අතින් විවෘත කෙරිණි.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන සේයාරූ දැක්මේ දෙවැනි දින විවෘත කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ද එක්ව සිටියේය.