‘පුලතිසි‘ ගමන් අරඹයි


කොළඹ කොටුව සිට පොළොන්නරුව දක්වා ‘‘පුලතිසි‘‘ නමින් නව නගරාන්තර  ශීඝ්‍රගාමී දුම්රියක් අද (11) සිට ධාවනයට එක් කරන ලදී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදුකෙරිණි.

මෙම දුම්රිය ඉන්දියාවෙන් ආනයනය කළ එස්  - 13 බලවේග දුම්රියක් වන අතර වායු සමනය කළ පළමු පන්තියේ මැදිරියක්ද දෙවන සහ තුන්වැනි පන්තියේ මැදිරි දෙකක්ද ඊට ඇතුළත් වේ.

ජනාධිපතිවරයා විසින් විවෘත කිරීමෙන් අනතුරුව දුම්රියේ මරදාන දක්වා ගමන් කළ ආකාරය ඡායාරූපයේ දැක්වේ.

ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග යන මහත්වරු ද එම අවස්ථාවට පැමිණ සිටියහ.

(ඡායාරූප -  ගයාන් අමරසේකර)