‘බක්මහ දිවුරුම’


මුදිතා දයානන්ද

               

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දීමේ බක්මහ දිව්රුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද (03) උත්සවාකාරයෙන් සිදුකෙරිණ.

ආගමික වතාවත් වලින් පසුව මතින් නිදහස් රටක් ස්ථාපිත කිරිමට තමන්ගේ උපරිම දායකත්වය ලබාදෙන බවට වූ බක්මහ දිව්රුම ප්‍රකාශයට පත් කරමින් සියලු දෙනා එහිදී ප්‍රතිඥා දෙනු ලැබිණ.

මත්ද්‍රව්‍ය උවදුර අද නගරය පමණක් නොව ගමද වෙලාගත් මහත් ව්‍යවසනයක්ව පැතිර යමින් පවතින අතර එය තුරන් කිරීමට නම් පවුල් සංස්ථාවේ සිට සමාජ සංස්ථාව දක්වා පුළුල් ආකල්පීය වෙනසක් සිදුකළ යුතුව ඇත.

මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් මෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය, හිටපු විපක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන්, අමාත්‍යවරුන් වන ජෝන සෙනෙවිරත්න, සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අමත්‍ය නිරෝෂන් පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාලද සිල්වා, මහින්ද සමරසිංහ, විජත් විජයමුනි සොයිසා ඇතුළු මැති ඇමැතිවරු ප්‍රමුඛ දේශපාලනඥයින් රැසක්ද එක්ව සිටියහ.

ඊට අමතරව පොලිස්පති පූජිත් ජයසුන්දර, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, රවින්ද්‍ර විජේගුණරත්න ඇතුළු පොලිසියේ හා ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් පිරිසක් ද, බන්ධනාගාර නිලධාරින්, රාජ්‍ය නිලධාරීන්, සහ පාසල් සිසු සිසුවියන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වුහ.

               

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

 

(බක්මහ දිවුරුම පාර්ලිමේන්තුවේදී - ඡායාරූප - ලහිරු හර්ෂණ)