‘රාවණා යක්කම‘


 

ලග්ගල  ඉපැරැණි ජන සංස්කෘතික අංගයක් වූ ‘රාවණ මහ යක්කම‘ මෙවර ද රණමුරේ විහාරස්ථාන භූමියේදී පැවැත්විණි.

රාවණා රජු වර්තමානයෙදීත්  බණ්ඩාර දෙවියන් නමින් විමාන ගතව ජනතාව ආරක්ෂා කරන බව ඔවුන්ගේ විශ්වාසයයි. ඒ අනුව විවිධ ආයුධ පේ කිරීම , පෙරහර පැවැත්වීම ගම්මුන්ට ආරක්ෂාව ලබාගැනීම සදහා දෙවියන් ආරුඪ කිරීම මෙහිදී සිදුකරේ . 

මෙම  ‘‘රාවණා  යක්කම’’ පරම්පරා ගණනාවක සිට පැවැත එන  දෙයක් වන අතර  මෙය චාරිත්‍රානුකූලව සෑම වසරකදීම පැවැත්වේ

රණමුරේ විහාරස්ථානයේ විහාරධිපති හිමියන්  ඇතුළු යක්කම ‘ගමේ දහ දෙනා ‘ කණ්ඩායම  මෙම ශාන්ති කර්මය සංවිධාන කර තිබු අතර ලග්ගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, පොලිසිය, ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීහු  රැසක් මේ  අවස්ථාවට එක්ව සිටියහ. 

(මහේෂ් කිර්තිරත්න)