‘වාසනා හස්තියා ගසින් ලිහීමේ චාරිත්‍රය‘


( කේ.ඩි දේවපි‍්‍රය )

මද කිපීම හේතුවෙන්  මාස කිහිපයක් පුරා ගසක  බැඳ   සිටි රුහුණු කතරගම මහා දේවාලයේ වාසනා හස්තියා අද (10) බැඳ තිබු ගසින් ලිහීමේ චාරිත‍්‍රය  සිදු කෙරිණි.
 
කතරගම පෙරහරෙහි දෙවියන් වැඩම වන ප‍්‍රධාන ඇතා වන වාසනා ගසින් ලීහීමේ චාරිත‍්‍රය බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.
 
ඒ මහතා දේවාලයේ කපුමහතුන් හා එක්ව මෙම චාරිත‍්‍රය ඉටු කරන ලදී. ඇතා ගසින් ලිහන අවස්ථාවේ දි කතරගම කිරිවෙහෙර විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප‍්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද හිමියෝ වැඩම කර සෙත් පිරිත් කියා පිරිත් පැන් ඉස ඇතාට ආශිර්වාද කළහ.