‘‘තවත් කළු ජූලියක් එපා‘”


‘‘තවත් කළු ජූලියක් එපා‘‘ තේමා කරගනිමින් සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කරන ලද නිහඬ විරෝධතාවයක්  අද (23) කොළඹ නිදහස් චතුරශ්‍රය ඉදිරිපිටදී පැවැත්විණි.

සමාජවාදී තරුණ සංගමය 2008 වසරේ සිට ජූලි 23 මේ දක්වා සහෝදරත්වයේ දිනය ලෙස නම් කර තිබුණි.

ඔවුහු පැමිණ සිටි පිරිස සමඟ සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවක යෙදී සිටියහ.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)