“අවෛරයේ හෝරාව” නමින් මාතරදී විරෝධතා ව්‍යාපාරයක්


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

ජාතීන් අතර සුහදතාවය පෙන්වීම සඳහා “අවෛරයේ හෝරාව”නමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් අද (10) මාතර නගරයේ දී පැවැත්විණි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා දැඩි වර්ෂාව මැද එම විරෝධතාකරුවන් හමුවට පැමිණි අතර ඔහුට එහිදී උණුසුම් ප්‍රතිචාරයක් හිමි විය.

මුදල් අමාත්‍යවරයා වැස්ස නොතකා ජනතාව ඉදිරියට ගොස් ඔවුන්ට සුබ පතන අයුරු දැක ගන්නට ලැබුණි.

මෙම විරෝධතා ව්‍යාපාරයට තුන් දහසකට අධික පිරිසක් සහභාගී වී සිටියහ.

මේ හේතුවෙන් මාතර නගරයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිවිය.

ඇතැම් පිරිස් වෛරය වපුරවා ජාතිවාදය ආගම්වාදය ඇති කිරීමට තවමත් උත්සාහ කරන බවත් ජාතීන් අතර සමගිය සුහදතාවය පෙන්වන මෙවැනි විරෝධතා ව්‍යාපාර මාතර පමණක් නොව මුලු රටේම පැවැත්විය යුතු බවත් මංගල සමරවීර මහතා මෙහිදී ප්‍රකාශ කළේය.