(තිලකරත්න දිසානායක)
පෙබරවාරි 10 වෙනිදායින් පසුව පුළුල් ජාතික ව්‍යාපාරයක් අරඹන බව පැවසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතට සහ බුලත් කොළයට හැර වෙනත් පක්ෂවලට ඡන්දය දීමෙන් මහබැංකු බැඳුම්කරය සහ බරපතල වංචා විමර්ශණය යටපත් වෙන බවත් දුෂිතයින් ශක්තිමත් වීම සිදුවන බවත් අද (26) ගම්පහ නගරයේ පැවති ජන හමුවකදී පැවසීය.
මෙවර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය පතා පැවති මෙම ජන හමුවිදී ජනාධිපතිවරයා මෙසේද කීය.
" අතට සහ බුලත් කොළයට දෙන ඡන්දය රට රැකගැනීමට දෙන ඡන්දයක්.ලබන මස 10 වැනි දින පැවැත්වෙන ඡන්දයෙන් පසුව පුළුල් ජාතික ව්‍යාපාරයක් අරඹනවා.දුෂණයට සහ වංචාවට විරුද්ධව රටේ උගතුන් බුද්ධිමතුන් ආගමික නායකයින් සියලු දෙනාම ඒකරාශි කරලා පක්ෂ භේදයෙන් තොරව පුළුල් ජාතික ව්‍යාපාරයකට ලබන 10 වෙනිදායින් පසුව ඒකරාශී වෙන බව මගේ ආදරණීය ජනතාවට ප්‍රකාශ කරනවා.
මේ දින කිහිපය තුල එන දේශපාලන පණිවිඩ ගැන සත්‍ය තේරුම් ගෙන හොද රටක හොද ගමණක් යාමට පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ඇතිකළ යුතුයි. විනය ගරුක කාර්යක්ෂම දේශපාලන මගක් ගොඩනගාගත යුතුයි. වංචා දුෂණ වලට විරුද්ධව සටන් කළ යුතුයි. මම ඔබට පැහැදිළිව එක දෙයක් කියනව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැර අත ලකුණට හැර බුලත් කොළයට හැර වෙනත් ඒවට ඡන්දය දෙනවයි කියන්නෙ මහ බැංකු වාර්තාවත් ඉවරයි. ඒක යට යනව. දුෂිතයින් ශක්තිමත් වෙනව. බරපතල වංචා විමර්ශණ වාර්තාවත් ඉවරයි. ඒ සියල්ලම යට යනව. ඒවා විනාශ වෙනව. ඒවාට නඩු දැමීම නතර වෙනව. ඒ සියල්ල නිවැරදි පැත්තට ගෙන යන්න නම් පක්ෂ භේදයෙන් තොරව මේ හොරුන් සියලු දෙනාටම දඩුවම් දිය යුතුයි. ‘‘