අලුත් ව්‍යවස්ථාව ගැන ජනමත විමසුම බෙඳුම්වාදීන් දිනනවා


(මුදිතා දයානන්ද)

නව ව්‍යවස්ථාව පිළිබඳ ජනමත විමසුම ආණ්ඩුව දිනුවත් පැරදුනත් බෙදුම්වාදින් දිනනවා යැයි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (25) පැවසීය.

ගම්මන්පිල මහතා මේ බව පැවසූයේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ කීය.

නව ව්‍යවස්ථාවට ජනමත විමසුමක් පැවැත්වුව හොත් එම ජනමත විචාරණයේ ප්‍රතිපල කුමක් වුවත් ඒකබෙදුම්වාදීන්ගේ ජයග්‍රහණයක් වෙනවා. වෙනත් වචන වලින් කිව්වොත් ඔවුන් ජනමත විචාරණය දින්නත් දිනුම්. පැරදුනත් දිනුම්.

නව ව්‍යවස්ථාවට ජනමත විමසුමක් පැවැත් වුවහොත් උතුරු පළාතේ ජනතාව ෆෙඩරල් ව්‍යවස්ථාව ඉහළින් අනුමත කරාවි. අනිත් පළාත් වල ජනතාව ඒ ප්‍රතිශතයෙන්ම ඒක ප්‍රතික්ෂේප කරාවි.  එවිට “උතුරේ දෙමළ ජනතාව අපේක්ෂා කරන දේ දකුණේ සිංහල ජනතාව ප්‍රතික්ෂේප කරන නිසා අපට එකට ඉන්න බෑ.  අපට වෙනම රටකට ජනවරමක් ලැබුණා ” කියා දෙමළ බෙදුම්වාදින් ජාත්‍යන්තරයට පවසාවි යැයි ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.