ඒකාබද්ධ විපක්ෂය ජනතාව සමග සම්මුතියකට එළැඹිය යුතුයි


(නිමල කොඩිතුවක්කු)

ජාතික සම්පත්,  රණ විරුවන් හා ඒකීය භාවය  වෙනුවෙන් කටයුතු කරන බවට ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේදී  කළු සුදු අකුරින්  ලියා ජනතාව සමග සම්මුතියකට එළැඹිය යුතු බව ශ‍්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාළි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ.

එසේ නොමැතිනම් අනාගතයේදී රට විනාශ වීමේ වගකීම  සියලූම දේශපාලනඥයන් බාර ගත යුතු බවද අභයතිස්ස හිමියෝ කීහ.

ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී ‘එළිය‘ සංවිධානය කැඳවූ මාධ්‍ය හමුවකට අද (12) එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.