රටේ ශක්තිමත්ම පක්ෂය ශ්‍රීලනීපය


(ප්‍රේමතිලක පෙරමුණ)

මහින්ද රාජපක්ෂ සහ  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන දස වසරකට වඩා වැඩි අත්දැකීම් තිබෙන පාලකයන් දෙදෙනකු සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ ශක්තිමත්ම පක්ෂය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

“චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියටත් මහින්ද රාජපක්ෂ මහතාටත් නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකියි.ඒත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට එම අවස්ථාව ඇති බැවින් මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශක්තිමත්ම නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතායි.එවැනි නායකයකු සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තනි වී නෑ.එම නිසා කිසිම හේතුවක් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් දෙපැත්තකට වෙන් විය යුතු නෑ.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ කළුතර ශ්‍රීලනිප දිස්ත්‍රික් සංවිධායක නාලක තරංග සමරවික්‍රම මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලය වලල්ලාවිට දී අද (22) විවෘත කිරීමෙන් අනතුරුවය.