ලංකාව නොබෙදුන රටක් විය යුතුයි-සම්බන්ධන්


රට බෙදීමට උත්සහයක් ඇතැයි කීම සම්පූර්ණ අසත්‍යයක් බවත් නොබෙදුන නොබෙදිය හැකි රටක් ලෙස ශ්‍රී ලංකාව පැවතිය  යුතු බවත් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.

“වර්තමානයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ යෙදිලා තිබෙනවා. එය සාර්ථක ආර්ථිකයක් මත රඳා පවතිනවා කියලා කියන්නත් පුළුවන්. මෙම ජයග්‍රහණය තුළම යම් කිසි සාධාරණ පිළිගැනීමක් දේශීය හා ජාත්‍යන්තරව ලැබෙනවා. රට බෙදීමට උත්සහයක් තිබෙනවා කියලා රාජපක්ෂ මහතා කියනවා, එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්.මේ රටේ ජනතාව නැවතත් බෙදීමට උත්සහ නොකළ යුතුයි. “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

විපක්ෂ නායකවරයා මේ බව පැවසූවේ අද (16) පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනිවර කියැවීමේ විවාදයට එක්වෙමිනි.