(අංජුල මහික වීරරත්න හම්බන්තොට සිට)
වසර දෙකකට පෙර මෙන් නොව දැන් රටේ සියලු දෙනාටම නීතිය එක සමාන ලෙස ක්‍රියාත්මක වෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොටදී පැවසීය.
වසර දෙකකට පෙර මෙන් නොව දැන් රටේ සියලු දෙනාටම නීතිය එක සමාන ලෙස ක්‍රියාත්මක වෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොටදී පැවසීය.
යුගයේ අවශ්‍යතාව අනුව පැරණි නීති අලුත් කළ යුතු බව පෙන්වා දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ එකඟතාවකට පැමිණ ඇති මේ වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතු යැයිද කීවේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ හම්බන්තොට ෂැන්ග්රිලාහි පැවැති 2017 ජාතික නීති සම්මන්ත්‍රණය අමතමිනි. ශ්‍රී ලංකා නිීතිඥ සංගමය මෙය සංවිධානය කර තිබිණි. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
රටේ පවතින ව්‍යවස්ථාව අවුරුදු හතළිහක් පැරණියි. වර්තමානයේ පවතින තත්ත්වය අනුව නව ව්‍යවස්ථාව අවශ්‍ය දැයි විමසා බැලිය යුතු වෙනවා. නව ව්‍යවස්ථාව සකස් කිරීමේ මූලික පියවරට අප අත ගැසුවා. මේ සඳහා සියලුම දෙනාගේ අදහස් ලබා ගැනීමට මා ක්‍රියා කරනවා.
මහානායක හිමිවරුන්ටත් මේ සඳහා අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ හැකියි. නව ව්‍යවස්ථාව සැකසීමේදී මා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහානායක හිමිවරුන් හමුවී සාකච්ඡා කරනවා.
පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට දී ඇති ප්‍රමුඛස්ථානය නව ව්‍යවස්ථාවෙන් කිසිවිටකත් වෙනස් කරන්නේ නැහැ.
විදේශීය ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම අත්‍යවශ්‍යයි. තෙල් පිරිපහදු කර්මාන්ත ශාලාව සිමෙන්ති කර්මාන්ත ශාලාව ඇතුළු කර්මාන්ත රැසක් හම්බන්තොට පිහිටුවීමට විදේශීය ආයෝජකයින් කැමැත්ත පළ කළා. මේ සියල්ලම සමගින් රටේ යටිතල පහසුකම් වැඩිදියුණු කළ යුතුයි.
වසර දෙකකට පෙර මෙන් නොව දැන් රටේ සියලු දෙනාටම නීතිය එක සමාන ලෙස ක්‍රියාත්මක යැයිද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා:
ව්‍යවස්ථා සම්පාදනය ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දරණ උනන්දුව ගැන අප සතුටු වෙනවා. එතුමා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කළ කථාව අප ඉහළින්ම පිළිගන්නවා. අප එකතුවී කටයුතු කළ යුතුයි.
සාමුහිකව එකමුතුව වැඩ කරන බව අගමැති පෙන්නුම් කරනවා. නීතිඥ සංගමයේ කටයුතුවලදී සියලු ජාතීන්වල නීතිඥයින් සමග එකමුතුව වැඩ කරනවා. දේශපාලන වශයෙන් අපගේ සංගමය කිසිම කණ්ඩායමකට බැඳී නැහැ. සියලුම දේශපාලන මත දරන අය අපගේ සංගමයේ සිටිනවා.

බලය බෙදීම ගැන අපට නිදහස් යෝජනා ඉදිරිපිත් කළ හැකිය. අපිට ඒ සඳහා අවස්ථාව දෙන්නයි ඉල්ලනවා. ඒ කාර්යයට උදව් කිරීමට අප සූදානම්.
ජාතික නීති සතියේ සංවිධායක කමිටුවේ සභාපති මුෂිඞ් මහරුෆ් මහතා පිළිගැනීමේ කථාව කළේය.
මේ අවස්ථාවට අධිකරණ සහ විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරල, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතිඥ අලි සබ්රි, ලේකම් අනිල් රන්දෙණිය යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරී මණ්ඩලයද නීතිඥවරු විශාල පිරිසක්ද සහභාගි වී සිටියහ.

(ඡායාරූප - ඉෂාන් සංජීව )