සමාජය යහපත් කිරීමට සහ වර්ණවත් කිරීමට ලබාදී තිබෙන නවීන තාක්ෂණය වැරදි අන්දමට භාවිතා කරමින් ඇතැම් පිරිස් රජය පිළිබඳ විවිධ වැරදි ප්රචාර ගෙන යමින් නින්දා, අපහස සිදු කරන බවත් සුළුතරයගේ හැසිරීම හමුවේ බහුතරයක් වෙනුවෙන් ගෙන යන වැඩ පිළිවෙළ නතර නොකරන බවත් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අද පොලොන්නරුවේදී පැවැසීය.
පොලොන්රුවේ ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ප්රතිලාභින් 1012 දෙනකු සඳහා ස්වයං රැකියා උපකරණ කට්ටල බෙදා දීම වෙනුවෙන් පොලොන්නරුව බුද්ධි මණ්ඩපයේ පැවැති උත්සවයක් අමතමින් ජනපතිවරයා එසේ පැවැසීය.