‘ගෝඨා ආවොත් ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම සිදුවෙනවා’


(ජයන්ත සමරකෝන්)
 
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වයට ගෝඨාභය ආවොත් මේ රටේ මිලිටරි පාලනයක් ඇති වී ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම සිදුවනු ඇතැයි විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා අද (9) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

එජාපයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මිස වෙන කවුරුවත් නොවේ යැයි ද මෙම 12 වැනිදා බදුල්ලෙන් එහි පළමු වෙඩි මුරය තබන බවද අමාත්‍යවරයා කීය.
 
මිලිටරි පාලනයක් ඇතිවන ආකාරයෙන් පොහොට්ටු අපේක්ෂකයකු ඉදිරිපත් කිරිමට ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු වන මහින්ද රාජපක්ෂ මහතා කටයුතු නොකරනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලෙසට පක්ෂයේ 99% කගේම එකඟතාවය ලැබී ඇතැයි ද ඔහු කීවේය.