‘පක්ෂවල ඇත්ත තත්ත්වය මැතිවරණයෙන් පසු‘


(නිමල කොඩිතුවක්කු)

ඉදිරි පළාත් පාළන මැතිවරණයෙන් පසු වහසි බස් දොඩවන දේශපාලන පක්ෂවල සැබෑ තතු හෙළි කරගත හැකි බව කම්කරු සහ වෘත්තීය සබඳතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසයි.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (08) පැවති මාධය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.

“දැන් මැතිවරණයක් එනවා. ඒ සදහා අපි සියලූ දෙනාම සූදානම් වනවා. ජනවාරි මාසය අවසන් වීමට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වලා ඒ සභාකයින් තෝරා ගනීවි. මේකේ ප‍්‍රමාදයක් වුණා. ඒ සදහා හේතු රාශියක් තිබුණා. සීමා නීර්ණය සදහා තවමත්  හරි තීන්දුවක්  නැහැ. සමහර තැන්වලදී අපි බලයේ ඉඳලත් අපිට ඒක හරියට වෙනස් කරගන්න බැරි වුණා. ඒක තමයි ඇත්ත. මේවා සම්පූර්ණයෙන්ම වෙනස් විදියට හදලා තිබුණා.මේක අපිට අවාසි හින්ද අපි ඡන්දය තියන්නේ නැහැ කිව්වා. මැතිවරණයෙන් පස්සෙ බලා ගන්න පුලූවන් වාසි කාටද අවාසි කාටද කියලා.“යැයි ඒ මහතා පැවසීය.