( පාලිත ආරියවංශ )
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභාවට හිමි බලතල සියල්ල ලබාදිය යුතු යැයි මහාමාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.
ඒ කාරණයේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස සම්පූර්ණයෙන්ම සහයෝගය දියයුතු බවද ඒ මහතා කියයි.
හාලිඇල හින්නාරංගොල්ලේදී අද (15) පැවැති පාක්ෂික හමුවකදි ඒ මහතා මේ බව කීය.
“අපේ කොළඹ පළාතේ සමහර දේශපාලනඥයන් බෙරිහන් දෙන්නෙ හරියට අපේ ගම්වල ඉන්න සිංහල මිනිස්සු දෙමළ අය ගැන කතා කරන්නෙම නැහැ වගේ .අපේ ගමේ ඉන්න සිංහල බෞද්ධයා තරම් දෙමළ අයට සලකන , කෝවිල ගැන හොයා බලන කෙනෙක් නැහැ.“
“අපි අලුත් ව්‍යවස්ථාවක් හදනවා,මමත් ඒ කොමිටියේ ඉන්නවා.සමහරු කියනවා අපි කමිටුවේ ඉන්නේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න නෙවෙයි ඒ සංශෝධන කඩාකප්පල් කරන්න කියලා .“
“අලුත් ව්‍යවස්ථාවක් ඕන නැහැ ඇත්ත . නමුත් අර මහ නායක හාමුදුරුවෝ කියනවා වගේ ව්‍යවස්ථා සංශෝධන ඕන . එන ජන්දෙදි මනාප නැති කරනවා වාගේ පාර්ලිමේන්තුවේත් මනාප ජන්ද ක්‍රමය නැති කරන්න ඕන . ඒකට ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන .“
“ඊලගට දෙවියනේ දෙමළ භාෂාව කතා කරන මිනිස්සුත් මේ රටේ මිනිස්සු .ඒගොල්ල වලාකුලෙන් ආවේ නැහැනේ .දෙමළ කතාකරන වතුකරයේ අයත් දැන් අපේ . යාපනේ දෙමළ කතා කරන අය පරම්පරා ගානක් මෙහේ .ඒ මිනිස්සුන්ට දෙමළ කතාකරන නිසා අසාධාරණයක් සිදුව තිබෙනවා නම් ඒ ගැන අපි බලන්නේ නැතිව කවුද බලන්නේ .“
“අපි බැලුවේ නැතිනම් තමයි ප්රභාකරන් වගේ කාලකන්නි ඉස්සරහට එන්නේ . අපි බැලුවනම් උන්ට ඉස්සරහට එන්න වෙන්නේ නැහැ . ඒනිසා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා පළාත් සභා ක්‍රමය ආවා .මේ පළාත් සභා ක්‍රමය හරහා ඒ එන බලතල ප්‍රමාණය අනිවාර්යයෙන්ම ඒ ඒ පළාත් සභාවලට දෙන්න ඕන .“
“විධායක ජනාධිපති ක්‍රමය ගැන අපිට දැන් කියන්න තියෙන්නේ නම් 19 වැනි සංශෝධනයෙන් පස්සේ ජනාධිපතිකමේ දැන් විධායක බලතල නැහැ . අර ගෑනියෙක් මිනිහෙක් කරන්න වගේ ලොකු බලතල ඒකේ නැහැ .ඒ නිසා විධායක බලතල නැති ජනාධිපතිකමක් තිබුණට කමක් නැහැ .මොකද රටේ ජනතාවගේ ජන්දයෙන් පත්වෙන ජනාධිපති කෙනෙක් හිටියම හොදයි “
“අපේ කොළඹ ඉන්න අය විතරක් නොවෙයි අර යාපනේ ඉන්න විග්නේශ්වරනුත් මෙහේ ආව නම් හොඳයි.විග්නේශ්වරන් එහේ ඉඳලත් කරන්නේ දෙමළ මිනිසුන්ට බොරු කියන එකයි අවුස්සලා ජන්දය ගන්න එකයි .මේ සියලු දෙනා බොරුකාරයෝ “යැයිද රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි .