‘මහනුවර තුන්කොන් සටනක් නෑ‘


(චමිල් රූපසිංහ)

මහනුවර දිස්ත්‍රික්ක‍ය තුළ කිසිදු තුන්කොන් සටනක් නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 22ම ජයග්‍රහණය කරන බවත් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසීය.

අද (20)  යටිනුවර ප්‍රාදේශීය සභාව හා කඩුගන්නාව නගර සභාව සඳහා නාම යෝජනා භාරදීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා එසේ පැවැසීය.