(අමල් වික්‍රමරත්න )
“එජාපයේ මැතිඇමතිවරු ගන්න සමහර තීන්දු අපිට මේ රජයේ ඉන්න බැරි තත්ත්වයට පත්කරපු අවස්ථා තියනවා. අපේ ඉන්න මැතිඇමතිවරු කිසි ප්‍රශ්නයක් ඇති කරගෙන නෑ. නමුත් එජාප ඇමතිවරු ජනතාවට ඇහුම්කන් දෙන්නේ නෑ. “යැයි වරාය හා නාවුක නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
“මේ ගැටළුව විශාල වශයෙන් අපිට තියෙනවා. මොකද අපි එජාපය එක්ක දීග කන්න ආවා නෙවෙයි. රටට යමක් කරන්නයි අපි ආවේ.දෙසැම්බර් 31 වෙනකම් රජයෙන් යනවා ද නැද්ද කියන තීන්දු නොගන්නා බවත් ජනාධිපතිවරයා අපි කෙරෙහි තබපු විශ්වාසය නොබිදින බවත් කියන්න ඕනේ.ඔය දහයේ විසිදෙනාගේ කල්ලිවල මම නැහැ.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
අද (16) ගාල්ලේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කීය.
ඒ මහතා මෙසේද කීය.
“අපි රජයට ආවේ අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීන්දුවක් තුළයි.ඒ නිසා දහදෙනාගේ පහලොස් දෙනාගේ කණ්ඩායම්වල මම නෑ. මම ඉන්නේ 41 ක් දෙනාගේ කණ්ඩායමේ. යනවා නම් රජය සමග සිටින 41දෙනාම එකවර ඉවත් වෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ගියා. මේක ජනාධිපතිවරයා දක්වා ගියා. මම නම් කිව්වේ මම ස්වාධීන වෙන්නේ නෑ. යනවා නම් මම කෙලින්ම විපක්ෂයේ වාඩි වෙනවා.“
“දෙසැම්බර් 31 වෙනකම් අපි කිසි තීන්දුවක් ගන්නේ නෑ. මොකද ජනාධිපතිවරයා අපි කෙරෙහි තබපු විශ්වාසය බිඳිනේනේ නෑ.අද හෙට ආණ්ඩුවෙන් ගිහින් වැඩක් නෑ. ගිහිල්ලා තීන්දු ගන්න බෑ. යනවා නම් ආණ්ඩුව වෙනස් කරන්න බලාගෙන යා යුතුයි. ආණ්ඩුවේ ශක්තිය අඩුකරන්න එලියට ගිහිල්ලා වැඩක් නෑ.“
“මේ ආණ්ඩුව 2020 වෙනකම් යනවා. ජනාධිපතිවරයාට තියෙන විදේශීය රටවල තියෙන පිළිගැනීම ඉතා ඉහළයි. බංගලිදේශයේ දී ඉතා විශාල ගෞරවයක් ලැබුණා . ඒක ඉතා ඉහළ පිළිගැනීමක්. එහි ප්‍රතිළුල තව සති කිහිපයකින් ලැබේවි. මේ සංචාරය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයින්ගේ පැසසුම් ලැබුණා. අපේ රටේ නාවික ක්ෂේත්රය පුළුල් කරන්න ගිවිසුම් අත්සන් කළා.බංගලිදේශ සංචාරය දින දෙකහමාරයි. මේ කාලය තුළ පැය භාගයක්වත් අපතේ නොහැර රට වෙනුවෙන් අවශ්‍යම දේවල් කළා.“