ලස්සන ශරීරයක් ලබන්න ගොඩක් අමාරු නැහැ. බොහොම පහසු ජීවන පුරුදු කීපයක් ඇති කර ගැනීම ප්‍රමාණවත්. පුරුද්දක් ලෙස ව්‍යායාමවල නිරත වීම ඉන් එකක්. සතියට හතර පස් වතාවක් ව්‍යායාමවල නිරත මගින් ඔබට ලස්සන මුහුණක් සහ සිරුරක් උරුම වෙනවා පමණක් නෙවෙයි වැඩ කරන්නට ඔබේ කාර්යක්ෂමතාව ඉහළට යනවා. ඒ වගේම ඔබ නිරෝගී වෙනවා.
ඔබගේ සිරුරේ බර ප්‍රමාණය, ඔබගේ සිරුරට ඇතුළුවෙන සහ පිටවෙන ශක්ති ප්‍රමාණයේ යම්කිසි සම්බන්ධයක්, නැත්නම් සරල සමීකරණයක්. එනමුත් අාහාර ලබාගැනීම පිළිබඳ අඩු අවබෝධය, පෙලඹවීම මදිකම මෙන්ම මානසික ආතතිය වැනි හේතූන් නිසා මෙම සරල සම්බන්ධය සංකීර්ණ විය හැකියි. මෙම ක්‍රියාකාරකම ඉතා සරලව පහසුවෙන් කරගැනීම සඳහා ඉතාමත් වේගයෙන් ඇවිදීම මඟින්, ඔබගේ සිරුරේ බර අඩු කරගැනීමට හේතු වන බව බ්‍රිතාන්‍ය අධ්‍යයන වාර්තාවක් මඟින් හෙළිදරව් කර තිබෙනවා.
එම බ්‍රිතාන්‍ය වාර්තාව මඟින් පෙන්වා දෙන්නේ පුරුද්දක් ලෙස වේගයෙන් ඇවිදීම සිදු කරන පුද්ගලයින් ශරීර බර සමබරව පවත්වා ගනිමින්, වැඩි ආයු කාලයක් සහිතව ජීවත් වීමේ වරම් උදාකර ගන්න බවය. මොවුන් මෙම පර්යේෂණය වසර හතක් තිස්සේ සිදු කර ඇති අතර ඒ සඳහා අවුරුදු 58 ක වයස් මට්ටමේ සිටිනා 474,919 ක් සහභාගී කරවා ගෙන ඇති අතර එම පිරිසෙන් 12,823 දෙනෙකු මෙම පරීක්ෂණය පැවති කාලය තුළ මරණයට පත්ව ඇත.
සමීක්ෂණ කාලය තුළ ජීවත්ව සිටි එම පුද්ගලයින් අතර වයස අවුරුදු 86ත් 87ත් අතර වූ කාන්තාවන් මෙන්ම වයස අවුරුදු 85ත්, 86ත් වන පිරිමින්ද වූහ. සොයා බැලීමේදී හෙළි වූයේ ඔවුන් ජීවිත කාලය පුරා වේගයෙන් ඇවිදීමේ ක්‍රියාකාරකමේ නිරත අය වන බවය.
ඉන්දියාවේ “ද වීක්” සඟරාව ඇසුරෙනි....
සටහන තිළිණි ද සිල්වා