අගමැති තනතුරින් ගෞරවාන්විතව ඉවත්වෙන්න


ශ්‍රීලනිපය මහින්දගෙන් යළිත් ඉල්ලයි

(දයාසීලි ලියනගේ)  

ගෞරවාන්විතව අගමැති තනතුරින් ඉවත් ​ෙවන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් යළිත් ඉල්ලා සිටී.

විශ්වාසභංගයකින් ඉවත් කරන තෙක් බලා නොසිට ගෞරවාන්විතව ඉල්ලා අස්වන ලෙසට මහින්ද රාජපක්ෂ මහතාගෙන් අවස්ථා කීපයකදීම ඉල්ලා සිටි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කීය.  


තව දුරටත් තනතුරේ රැඳී සිටින්නේ නම් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට සිදුවන බව රජයට කියා සිටි බවද ජයසේකර මහතා ප්‍රකාශ කළේය.  


විශ්වාසභංග යෝජනාවකින් ඉවත් කිරීම මහින්ද රාජපක්ෂ මහතා වැන්නකුට නොගැලපෙන නිසා ඊට පෙර ඉවත්වන්නැයි ගෞරවාන්විතව ඉල්ලා සිටි බවද ඔහු කීය.