අගමැතිගේ ගිණුමේ සොරකම හෙළිවුණේ රෙදි සාප්පුවක ලක්ෂ එකහමාරක බිලකින්


(දයාසීලි ලියනගේ)   

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ගිණුමෙන් යම් අයකු මුදල් ලබාගැනීමේ සිද්ධිය හෙළිදරව් වී ඇත්තේ එම ගිණුම පාවිච්චි කර ප්‍රධාන පෙළේ සාප්පු සංකීර්ණයකින් ලක්ෂ 1 1/2 ක් වටිනා රෙදිපිළි මිලදී ගැනීම නිසා බව වාර්තා වේ. 

සාප්පු සංකීර්ණයේ හිමිකරු ගනුදෙනු මුදල් ලැබීම පිළිබඳ පරීක්ෂා කර බැලීමේදී අග්‍රාමාත්‍යවරයාගේ නම සඳහන් කාඩ් පතකින් මුදල් ගෙවා ඇති බව හෙළි වී ඇත.   


සාප්පු සංකීර්ණය හිමිකරු හා අග්‍රාමාත්‍යවරයා මිතුරන් නිසා ඔහු මේ ගැන අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා ඇති බවත් ඉන්පසු කළ පරීක්ෂණයේදී කෝටි 3කට අධික මුදලක් එම ගිණුමෙන් ලබා ගෙන තිබෙන බවත් අනාවරණය වී ඇතැයි පැවසේ.